උද්ධමනය ඉහළට !

- N Hasanthi
- 30 Jun, 2025
2025
මැයි මාසයේ දී වාර්තා වූ -0.7%ක
අගයෙන්, කොළඹ
පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින්
මනිනු ලබන වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය, 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා සුළු වශයෙන්
ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
නිවේදනය කරයි.
මෙම අගය, උද්ධමනය තවදුරටත් සෘණ මට්ටමක පැවතුනද, පෙර මාසයට සාපේක්ෂව සුළු වර්ධනයක් පෙන්නුම් කරයි. ආහාර කාණ්ඩයේ මිල ගණන් සහ ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් වල සිදු වූ වෙනස්කම් මෙම උද්ධමනයේ සුළු වෙනස්වීමට හේතු වී තිබේ. වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.3% ක් දක්වා අඩු වී ඇති අතර 2025 මැයි මාසයේ දී එය වාර්තා වූයේ 5.2%ක් ලෙසයි.
එමෙන්ම
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි
මාසයේ දී -2.8%ක්
දක්වා වැඩි වී ඇති අතර එය 2025 මැයි
මාසයේ දී -3.3%ක්
ලෙස වාර්තා විය.
කෙසේ වෙතත්, මෙය රටේ සමස්ථ ආර්ථික තත්ත්වය කෙරෙහි කෙසේ බලපානු ඇත්දැයි ඉදිරියේදී පැහැදිලි වනු ඇත.
Leave a Reply
Your email address will not be published. Required fields are marked *