අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල 15%කින් ඉහළ දැමීම

- S D Perera
- 11 Jun, 2025
2025 වසරේ ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මාස 7ක කාලය සඳහා 15%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කරන බවට මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේ ය.
ඒ, අද දින (ජූනි 11) මහජන උපයෝගීතා කොමිසමේ පැවති නව ගාස්තු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
මෙම නව ගාස්තු අද (ජූනි 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
මේ වසරේ පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු පහළ දැමීම නිසා රු. බිලියන 8ක් පාඩු ලබා ඇති බව පවසමින්, මණ්ඩලය 18%ක ගාස්තු ඉහළ දැමිය යුතු බවට යෝජනා කර තිබිණි.
ඒ සම්බන්ධ මහජන උපදේශන වැඩසටහන් මේ වන විට දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් පැවැත්වූ අතර, එම වැඩසටහන්වලදී ලංකා විදුලි බල මණ්ඩලයේ ගණනය කිරීම් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.
විදුලි ගාස්තු වැඩි වන්නේ කෙසේ ද?
මෙම සමස්ත 15%ක විදුලි බිල වැඩිවීමේදී පෙර පැවති ගාස්තුවලට සාපේක්ෂ ව නව විදුලි ගාස්තු යටතේදී, ගෘහස්ථ විදුලි පරිභෝජනයේ අඩු ම සීමාව වන මාසික විදුලි ඒකක 30 දක්වා භාවිත කරනන්ගේ මාසික බිල්පතේ වෙනස -23%කි.
ඒ එම කාණ්ඩයේ වැඩි ම ගාස්තු වැඩිවීමේ වෙනස වන අතර ඒකක 60 සීමාව භාවිත කරන්නන්ගේ බිලපත් දෙක අතර ගාස්තුවල වෙනස -16ක් බව මහජන උපයෝගිතා කොමිසමේ නිවේදනයේ දැක් වේ.
මාසික පරිභෝජනය විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් භාවිත කරන ආගමික සිද්ධස්ථාන සඳහා ගාස්තු වැඩි කිරීමක් සිදු කර නොමැති අතර අනෙකුත් කාණ්ඩ සඳහා 12%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කර ඇත.
ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තු වෙනස් වී ඇත්තේ මේ ආකාරයට ය.
ඉදිරි මාස 7 සඳහා විදුලි බල මණ්ඩලය සමස්ත වැඩිවීම රු. බිලියන 276ක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, මෙම වැඩිවීම රු. බිලියන 268ක් බව මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජනරාල් ජයනාත් හේරත් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇත.
මෙම වසරේ මුල සිදු කළ ගාස්තු සංශෝධනය හේතුවෙන් පළමු මාස තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය රු. බිලියන 8ක පාඩුවක් ලබා ඇති බවට පවසමින් 18%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා තිබුණි.
Leave a Reply
Your email address will not be published. Required fields are marked *