:
https://sam24news.com/uploads/images/ads/adds.jpg

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පෙරළිකාර පිවිසුමක්!

top-news
https://sam24news.com/uploads/images/ads/adds.jpg

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරළිකාර ලෙස පළමු ක්‍රීඩකයන් දස දෙනා අතරට පිවිසීමට සමත් වී තිබේ. බංග්ලාදේශයට එරෙහිව ඊයේ (8) අවසන් වූ තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා මෙම පැමිණීමට හේතුවී ඇත.

මෙය කුසල් මෙන්ඩිස්ගේ ක්‍රීඩා දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ඔහුගේ දක්ෂතා සහ කැපවීම වෙනුවෙන් ලැබුණු මහඟු ඇගයීමක් ලෙස සලකනු ලබයි. පසුගිය කාලය පුරාවටම එක්දින තරගවලදී විශිෂ්ට පිතිකරණ දක්ෂතා දැක්වූ මෙන්ඩිස්, නිරන්තරයෙන් ලකුණු අතර සිටිමින් කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දී ඇත.

ඔහුගේ මෙම පිවිසීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නව බලාපොරොත්තුවක් එක් කරන අතර, ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සඳහා කණ්ඩායමට විශාල ශක්තියක් වනු නොඅනුමානයි. ලොව හොඳම පිතිකරුවන් අතරට පැමිණීමත් සමඟ, මෙන්ඩිස්ගේ ඉදිරි ක්‍රීඩා දිවිය කෙරෙහි ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය වඩාත් තීව්‍ර වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසංක ද 8වන ස්ථානයේ සිට තවත් ස්ථාන 2ක් ඉදිරියට ගොස් 6වන ස්ථානයට පැමිණ ඇත. ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවාය.

නමුත් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී සාර්ථක වූ පැතුම් නිස්සංක, ටෙස්ට් තරගාවලියේ දී අසාර්ථක වූ හෙයින් ස්ථාන 6කින් පහළට ගොස් 20වන ස්ථානයට පත්ව ඇත.

වත්මන් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ඉන්දියාවේ ශුබ්මන් ගිල් විසින් ද, දෙවන ස්ථානය බාබර් අසාම් විසින් ද හිමිකරගෙන සිටියි.

තෙවන ස්ථානය හිමිව ඇත්තේ ද ඉන්දියාවේ රෝහිත් ශර්මාටය.

https://sam24news.com/uploads/images/ads/adds.jpg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *