ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව බදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට දැඩි බලපෑම්

- N Hasanthi
- 07 Apr, 2025
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්
නව බදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට මේ වන විට දැඩි
බලපෑම් එල්ල වී ඇත.
මෙම බදු බලපෑම මත සඳුදා (අප්‍රේල් 07)
පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමට සිදු විය. කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල
දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව
ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම එයට හේතුව
විය.
ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස්
මිල දර්ශකය ඒකක 639.01කින් පහත වැටී තිබිණි. එහි පැවති ඒකක සංඛ්‍යාව
14,734.34ක් විය.
මේ අතර, S&P SL20 දර්ශකය ඒකක 4,292.90ක්ව පැවති අතර,
එය ඒකක 240.45කින් පහත වැටී තිබිණි.
Leave a Reply
Your email address will not be published. Required fields are marked *